ප්‍රංශ ඇල්ප්ස් කඳු කඩා වැටීමකින් ජීවිත හානි
- 18 01 2016
- 22:17
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ආශ්‍රිතව පුහුණුවීමක යෙදී සිටි හමුදා සාමාජිකයන් පස් දෙනෙකු හිම කඳු කඩා වැටීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉතාලි දේශසීමාවට ආසන්න වැල්ෆ්රේජස් ආසන්නයේදී මෙම හිම කඳු කඩා වැටීම සිදුව ඇති අතර, මෙම හමුදා පුහුණුවට හමුදා සාමාජිකයන් 50ක් පමණ සහභාගී වී තිබේ.
මෙම සොල්දාදුවන් සොයා හෙලිකොප්ටර් සහ පුහුණු සුනඛයන් යොදා ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේදීද, මෙම කඳුකරයේම පාසල් ශිෂ්‍යයන් දෙදෙනෙකු හා යුක්රේන ජාතික සංචාරකයෙකු කඳු කඩා වැටීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
