ප්‍රංශයේ ජිහාඩ් ප්‍රහාරයට ගොදුරු වූවන් සැමරේ
ප්‍රංශයේ සිදුවූ ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රට පුරා ලක්ෂ 7කට ආසන්න පිරිසක් සාමකාමී රැලි සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.
පැරීසිය, ඔර්ලන්ස්, නීස්, පාවු, ටොවුලූස් සහ නැන්ටීස් යන නගරවල මෙම දැවැන්ත රැලි සංවිධානය වී ඇති අතර, පසුගිය සතියේ සිදුවූ ත්‍රස්ත ප්රහාරයන්ට ගොදුරුවූවන් සිහි කිරීම එහිදි සිදුව තිබේ.
හාස්‍යෝත්පාදක චාර්ලි සඟරාවේ මාධ්‍ය කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය මෙන්ම, සුපිරි වෙළෙඳ සැලක ප්‍රාණ ඇපකාර සිදුවීමද ඇතුළුව මේ වනවිට පුද්ගල ජීවිත 17ක් ප්‍රංශය තුළ අහිමි විය.
එහිදී, පොලීසිය හා ත්‍රස්ත මර්ධන ඒකක එකතුව ජිහාඩ් ත්රස්තයන් තිදෙනා ඝාතනය කිරීමට සමත් විය.
මේ අතර, සුපිරි වෙළෙඳ සැලේ ප්‍රහාරයට සම්බන්ධ ඇමඩි කවුලිබේලි නමැත්තාගේ පෙම්වතිය යැයි හඳුනාගෙන ඇති හයෙට් බවුමෙඩීන් සොයා මේ වනවිට පොලිස් මෙහෙයුම් අරඹා ඇති අතර, ඇයද ප්‍රාණ ඇපකාර සිද්ධියට උදව් කොට ඇති බව කියැවෙයි.
නමුත්, ප්‍රහාරය සිදුවන විට ඇය තුර්කිය හරහා සිරියාවට පලා ගොස් ඇති බවටද නිලනොලත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

