නීතිය අවනීතිය බවට පත්ව රිහානි එල්ලා මරයි
තමාව බලහත්කාරයෙන් දුෂණය කිරීමට තැත්කළ පුද්ගලයෙකු ඝාතනය කළ ඉරාන ජාතික කාන්තාවක් එරට අධිකරණය විසින් එල්ලා මරාදැමීමත් සමග මෙම තීන්දුව සම්බන්ධයෙන් ඉරානය වෙත ලොවපුරා විරෝධයක් එල්ල වී තිබේ.
ඉරානයේ සහ විදේශයන් හි සංවිධානය වූ පිරිස් ඇයට අභයදානය ලබාදෙන ලෙස ඉල්ලා සිටියදී මෙසේ රිහානි ජබ්බාරි නමැති 26 හැවිරිදි කාන්තාව එල්ලා මරාදමා ඇත්තේ ඇය මනුෂ්‍ය ඝාතකයෙකු බව පවසමිනි.
ඇය නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය වූ මරා දැමුණු පුද්ගලයාගේ පවුලේ අයගේ අනුමැතිය ලබාගැනීමට රිහානිගේ ඥාතීන් අසමත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසා සිටියි.
එසේම ඇය මෙම මිනී මැරුම කරන ලද්දේ තම ආත්ම ආරක්ෂාව වෙනුවෙන් බව නඩු විභාගයේදී ඔප්පුකිරීමට ඇය අසමත් වීමද මෙසේ එල්ලා මරාදැමීමට හේතු වූ බවද එම මාධ්‍ය වැඩිදුරටත් පවසා සිටියි.
මෙම නඩුව යළි කැඳවමින් විභාගයට ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ඉල්ලීමක් කර තිබුණි.
සිකුරාදා උදෑසන මරණීය දඬුවම පැනවීමට පෙර රිහානි ජබ්බාරි ගේ මව ඇය බැලීමට ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

