නාගසාකි පරමාණු බෝම්බ ප්රහාරයට වසර 70යි
ජපානයේ නාගසාකි නගරයට පරමාණුක බෝම්බ ප්රහාරය එල්ල වීමේ 70 වැනි සංවත්සරය එම නගරවාසීන් විසින් සිහිපත් කරනු ලැබේ.
මීට වසර 70කට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නාගසාකි නගරයට එල්ල කළ පරමාණුක බෝම්බ ප්රහාරය දෙවැනි ලෝක යුද්ධයේ අවසානයද සනිටුහන් කළේය.
මෙම අතිශය ශෝකජනක සැමරුමේදී නාගසාකි නගරාධිපතිවරයා මෙන්ම ජපාන අගමැති ෂින්සෝ අබේ විසින්ද දෙසුමක් පැවැත්වීමට නියමිත අතර, විනාඩියක නිශ්ශබ්දතාවයක් රකිමින් ඒ මහා විනාශයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීමටද නියමිතය.
නාගසාකි ප්රහාරයෙන් පුද්ගලයන් 70,000ක් ජීවිතක්ෂයට පත්වූ අතර, මෙය හිරෝෂිමා වෙත පරමාණුක බෝම්බය එල්ල කර දින තුනකින් සිදුවිය.
කෙසේ වෙතත්, නාගසාකි ප්රහාරය ක්ෂණිකව ගත් තීරණයක් වන අතර, එහි මුල් සැලසුම කොකූරා නගරය වුවත්, එම නගරය වළාකුළුවලින් වැසී පැවතීම හේතුවෙන් ඉලක්කය වෙනස් කර බෝම්බ ප්රහාරය නාගසාකි වෙත එල්ල කිරීමට ඇමෙරිකානුවන් කටයුතු කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

