ඉස්ලාම් භක්තිකයන්ගේ රාමදාන් උපවාස මාසය අවසන් කරමින් පැවැත්වෙන ඉෆ්තාර් රාත්රී භෝජන උත්සවය ධවල මන්දිරයේ නොපැවැත්වීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබේ.
විදෙස් වාර්තා පෙන්වාදෙන පරිදි මීට පෙර බිල් ක්ලින්ටන් විසින් ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් ධවල මන්දිරය තුළ ඉෆ්තාර් උත්සවයක් පවත්වමින් මෙම සම්ප්රදාය ඉදිරියට පවත්වාගෙන පැමිණියද, වත්මන් ජනපතිවරයා එම සම්ප්රදායෙන් ඉවත්ව ඇත.
රොයිටර් පුවත් සේවයට අනුව ඇමෙරිකානු රාජ්ය ලේකම් රෙක්ස් ටිලර්සන් මීට පෙර පවසා තිබුණේ මෙම උත්සවය පැවැත්වීමට සැලසුමක් නොමැති බවයි.
කෙසේ වෙතත්, රාමදාන් උපවාස මාසය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පවසා තිබුණේ ලෝකයේ වෙසෙන මුස්ලිම්වරුන් සමග ඇමෙරිකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ද එකතුව රාමදාන් උපවාස මාසයේදී තම ආගමික ඇදහීම් සහ අසරණයන්ට උපකාර කිරීම පිළිබඳව මුල්තැන දී කටයුතු කරන බවයි.
.jpg)