දුර්ලභ දියමන්තිය වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි
- 4 04 2017
- 22:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
රෝස තරුව නමින් ප්‍රකට අතිශය දුර්ලභ දියමන්තියක් හොංකොං හි වෙන්දේසියකදී ඇ.ඩො.මිලියන 71ක (රු.කෝටි දහස ඉක්මවන) වාර්තාගත මිලකට අලෙවි වී තිබේ.
එය එදාමෙදා තුර ඕනෑම ආකාරයක වටිනා මාණික්‍යයක් වෙන්දේසියකදී අලෙවි කෙරුණු ඉහළම අගය මෙය බවද විදෙස් වාර්තා පවසයි.
ඕවාලකාර හැඩයෙන් යුතු කැරට් 59.6කින් යුතු මෙම දියමන්තිය හොංකොං හි සෝත්බයිස් වෙන්දේසිය ඇරඹී විනාඩි 5ක් ඇතුළත අලෙවි වී තිබේ.
මෙම වර්ගයේ ඔප දමනලද මෙතරම් විශාල දියමන්තියක් වෙන්දේසියට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවද මෙයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
