දැවැන්ත පිඹුරා මිනිස් ගොදුරක් බවට පත්වෙලා
ඉන්දුනීසියාවේ, සුමාත්රා හි බටාන්ග් ගන්සාල් දිස්ත්රික්කයේදී හමුවූ මීටර් 7.8ක් දිග දැවැන්ත පිඹුරෙකු අල්ලා ගැනීමට උත්සාහ කළ අයෙකු පසුව එම පිඹුරාගේ පහරකෑමට ලක්වීමෙන් පසුව පිරිසක් එකතුව එම සත්වයා මරාදමා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන රොබට් නබාබන් නැමැත්තා මෙම පාම් ගසක වෙලී සිටි මෙම දැවැන්ත පිඹුරා අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී එම සත්වයා මොහුට පහරදී ඇත. කෙසේ වෙතත්, තමන් කවර අරමුණක් සඳහා පිඹුරා අල්ලා ගැනීමට උත්සාහ කළේද යන්න ඔහු පවසා නැත.
පිඹුරාගේ පහරකෑමට ලක්වූ පුද්ගලයා පසුව තවත් පිරිසකගේ උදව්වෙන් පිඹුරා මරා දැමීමට කටයුතු කර ඇති අතර, බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර තිබේ.
පසුව ගම්වැසියන් එකතුව මෙම පිඹුරා ගස් බැඳ, එම අසරණ සත්වයා හම ගසා, උගේ මස් ආහාරයට ගෙන ඇති බවද වාර්තා වෙයි.
මේ ආකාරයේ දැවැන්ත පිඹුරන් සුමාත්රා දූපත් ආශ්රිතව දැකිය හැකි අතර, බොහෝ සතුන් අද වනවිට මිනිසුන්ගේ ගොදුරු බවට පත්ව ඇති බවද සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




