දකුණු කොරියානු සීවෝල් නෞකාවේ අස්ථි කොටස්
දකුණු කොරියානු මුහදේදී ගිලුණු සීවෝල් නෞකාවේදී අස්ථි කොටසක් සොයගෙන ඇති අතර, ඒ පිළිබඳව කළ ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් මෙම අස්ථි කොටස එම නෞකාවේ ගමන්ගත් ගුරුවරියකගේ බව හඳුනාගෙන තිබේ.
2014 වසරේ අප්‍රේල් 14 වැනිදා සිදුවුණු මෙම අනතුරින් නෞකාවේ සිටි මගීන් 304ක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගෙන් වැඩිදෙනා ඩැන්වොන් උසස් පාසලේ සිසු සිසුවියන්ය.
මෙම අනතුරින් පසුව වැඩිදෙනෙකුගේ සිරුරු සොයාගැනීමට හැකි වුවත්, පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදන් විය.
මෙම නෞකා අනතුරින් වසර තුනකට පසුව පසුගිය මාර්තුවේදී එය යළි ගොඩගනු ලැබුණි. කෙසේ වෙතත්, නෞකාව අනතුරට පත්වූ මුහුදු පතුලේ ඉන් අනතුරුවද නිරන්තර සෝදිසි කිරීම සිදුවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සෙන්ටිමීටර් 34ක් පමණ දිග මෙම අස්ථි කොටස හමුවී තිබේ.
ඩැන්වොන් උසස් පාසලේ කො චෑන්ග් සෙයොක් ගුරුවරිය මෙම අනතුරින් අතුරුදන් වූ පිරිසේ මෙතෙක් කල් සිටියත්, මෙම අස්ථි කැබැල්ල හමුවීමත් සමග ඇය අනතුරින් මියගිය පිරිස අතරට නම් වීම සිදුවිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

