දකුණු කොරියානු විරෝධතා අතරතුර හිමිනම ගිනිතබාගනී
දෙවැනි ලෝක යුද සමයේදී ජපාන හමුදාවේ ලිංගික වහලුන් ලෙස දකුණු කොරියානු ස්ත්‍රීන් යොදාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට දෙරට අතර පවතින ගිවිසුමට විරෝධය පා දකුණු කොරියානු භික්ෂුවක් ශරීරයට ගිනි තබාගෙන තිබේ.
මිත්‍ර සංග්‍රහයක් හේතුවෙන් මේ වනවිට චෝදනා ලබා සිටින දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ග්වෙන්-හයි ධුරයෙන් පහ කිරීම වෙනුවෙන් රට පුරා පැවැත්වෙන විරෝධතාවක් අතරතුරදී 64 හැවිරිදි වියේ පසුවන භික්ෂුව ගිනි තබාගෙන තිබේ.
මෙමගින් හිමි නමගේ සිරුරෙන් තුනෙන් එකක් පමණ පිළිස්සී ඇති අතර, හෙතෙම සිහිමුර්ජා තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බවද එරට මාධ්‍ය අනාවරණය කරයි.
ජනාධිපතිනියට එරෙහිව සති 11ක් පුරා මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන අතර, සෙනසුරාදා දිනයේ සෝල් නුවර පැවති රැළියකදී මෙම ගිනි තබාගැනීම සිදුව තිබේ.
සිරුරුට ගිනි තබාගත් භික්ෂුව විසින් ලියූ ලිපියක දැක්වෙන්නේ ජනාධිපතිනිය වහා අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

