දකුණු කොරිනු මිත්‍ර සංග්‍රහයට තවත් කොටස්කරුවෙක්
දකුණු කොරියානු ජනාධිපතිනියගේ මිත්‍ර සංග්‍රහයට බඳුන් වූ මිතුරියගේ දියණියද ඩෙන්මාර්කයේදී අත්අඩංගුවට පත්ව ඇති බව එරට පොලීසිය පවසයි.
චන්ග් යෝ - රා නමැති 20 හැවිරිදි තරුණියක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඇය ඩෙන්මාර්කය තුළ නීතිවිරෝධී ලෙස රැඳී සිටි නිසා ඇය වහාම එරටින් පිටුවහල් කරන ලෙස දකුණු කොරියාව ඉල්ලීමක් කර තිබුණි.
ඇගේ මව දකුණු කොරියාවේ ජනාධිපතිනිය සමග පෑ මිත්‍ර සංග්‍රහය මත පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියි. මේ කාන්තාවන් දෙදෙනාම සිය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
මෙසේ අත්අඩංගුවට පත් චන්ගේ මව වන චොයි සූන් - සිල් ජනාධිපතිනියගේ බලතල උපයෝගී කරගනිමින් ඇයව කොරියාවේ උසස් විශ්වවිද්‍යාලයක් වෙත ඇතුළු කර ඇති බවටද චෝදනා ගොනුවී තිබේ.
දකුණු කොරියාවේ නායකත්වය පිළිබඳ හා ඇගේ මිත්‍ර සංග්‍රහය පිළිබඳ ජනතා විරෝධය දැනට මාස කිහිපයක සිට දැඩි උණුසුම්කාරී ස්වභාවයක් රට තුළ ස්ථාපිත කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

