තලේබාන් උණ්ඩයට බිලි වූ ගායකයාට ජනතා සම්මාන
තාලේබාන් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ පාකිස්තානයේ ප්‍රකට ගායකයෙකු වූ අම්ජාඩ් සබ්රිගේ අවසන් කටයුතු දහස් සංඛ්‍යාත ජනතාවකගේ සෝ සුසුම් මැද ඊයේ (23දා) සිදුකෙරිණි.
කරච්චි නගරයේදී තලේබාන් සටන්කාමීන්ගේ ගොදුරක් බවට මේ ජනප්‍රිය ගායකයා පත්වීමට ප්රබලතම හේතුව ඔහු සුෆී සම්ප්රදායේ ක්වාලී ගීත ගායනා කිරීමය.
මෙම ගීත සම්ප්රදාය ඉස්ලාම් අන්තවාදීන් විසින් ප්‍රතික්ෂේප කරන්නකි.
අම්ජාඩ්ගේ දේහය ක්වාලි ගීත සම්ප්රදායේ පුරාවෘත්තයක් බඳු ඔහුගේ පියා වන ඝුලාම් ෆරීඩ් සබ්රිගේ දේහය තැන්පත් කර ඇති පපෝෂන්ගර් සුසාන භූමියේ තැන්පත් කර තිබේ.
ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණි දහස් ගණන් ජනයා නිසා ඒ අවට වීදී පිරී ඉතිරී ගිය අතර, සාමාන්‍යයෙන් මුස්ලිම් අවමංගල්‍යයක දැකිය නොහැකි කාන්තාවන්ද මෙහිදී දැකගැනීමට හැකි විය.
එම කාන්තාවන් වැඩි දෙනෙකු පවසා තිබුණේ රාමසාන් සමයේ කාන්තාවන් බොහෝ විට නිවෙස්වලින් බැහැරට වැඩි වශයෙන් නොගියත්, මේ අසහාය ගායකයා ඔවුන්ට සහෝදරයෙකු බඳු බැවින් ඔහුට ගෞරව කිරීමට මෙසේ පැමිණි බවයි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

