ටිලර්සන්ගේ ඇෆ්ගන් සංචාරය විවාදාත්මකයි
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඇෆ්ගනිස්තාන සංචාරය අතරතුර ඔහු ජනපති අෂ්රෆ් ඝානි හමුවූ ස්ථානය පිළිබඳ විවාදයක් මතුවී තිබේ.
රාජ්‍ය ලේකම්වරයා හා ඇෆ්ගන් ජනාධිපතිවරයා අතර පැවති හමුව කාබුල් නුවර පැවතියේද, නැත්නම් හමුදා කඳවුරක පැවතියේද යන්න පිළිබඳ දෙගිඩියාවක් මෙහිදී ඉස්මතු වී ඇත.
ඔහු ඇෆ්ගන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන ඡායාරූපවල ඇමෙරිකානු හමුදා ඔරලෝසුවක් හා රතු පැහැ ගිනි ආරක්ෂණ සංඥා පද්ධතියක් බිත්තියේ එල්ලා ඇති දසුන් මුලින් දැකිය හැකි විය.
කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානය නිකුත් කළ මෙම සාකච්ඡාවේම තවත් ඡායාරූපයක දැකගත හැකි වූයේ එවැනි ඔරලෝසුවක් හෝ ගිනි ආරක්ෂණ සංඥාවක් නොමැති දසුනකි.
කෙසේ වෙතත්, මෙම දෙපාර්ශ්වයම මුලින් සඳහන් කළේ කාබුල් නුවරදී මෙම සාකච්ඡාව පැවති බවකි. නමුත්, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වුණේ මෙම සාකච්ඡාව ඇෆ්ගිනස්තානයේ පිහිටි විශාලතම හමුදා කඳවුර වන බග්රාම් කඳවුරේ පැවති බවකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





