ට්‍රම්ප් සංචාරක තහනමේ සුළු ලිහිල් කිරීමක් සිදුවේ
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්රමුඛ මුස්ලිම් රාජ්‍යයන් වෙත පනවනු ලැබූ සංචාරක තහනමට සුළු ලිහිල් කිරීමක් සිදුකරමින් ඇමෙරිකාවේ ජීවත්වන අයෙකුගේ සමීප ඥාතීන් රටට ඇතුළු වීම වළක්වාලිය නොහැකි බවට හවායි දිස්ත්‍රික් අධිකරණය පවසා තිබේ.
ජනාධිපතිවරයාගේ සංශෝධිත සංචාරක තහනම ක්‍රියාවට නැංවීම සඳහා පසුගියදා ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අවසරයෙන් සති කිහිපයකට පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී ඇමෙරිකාවේ ජීවත්වන අයෙකුගේ ආච්චි, සීයා, මුනුබුරු මිනිබිරියන්, නැන්දා, මාමා සහ ඥාති පුත්‍රයන් හෝ ඥාති දියණියන් සමීප ඥාතීන් ලොස නොසලකුණි.
කෙසේ වෙතත්, එම තීන්දුව නොසලකා හරිමින් හවායි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයා තීරණය කළේ ඔවුන්ද සමීප ඥාතීන් ගණයට ගැනෙන හෙයින් ඔවුන්ට සංචාරක තහනමක් ක්‍රියාත්මක නොකළ යුතු බවය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ප්රමුඛ මුස්ලිම් රාජ්‍යයන් ලෙස සලකනු ලැබුවේ මුස්ලිම් බහුතරයක් වෙසෙන, ඇමෙරිකාවට තර්ජනයක් විය හැකි ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රාජ්‍යයන්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

