ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ හිලරි ක්ලින්ටන්ගේ හැසිරීම ලෝක මාධ්‍ය විශේෂ අවධානයක් යොමුකර තිබුණි.
සිය ජනපති ස්වාමියා වූ බිල් ක්ලින්ටන් සමග මෙම අවස්ථාවට සහභාගී වූ හිලරි එම අවස්ථාව තුළ සිනහවක් පෑවා නම් එය ඉතා ආයාසයකින් උපදවාගත්තක් බව බොහෝ දෙනෙකු පැවසූහ.
ඇතැම් අය පවසා තිබුණේ කුණු මීයෙකුගේ ගඳ ආග්‍රහණය කිරීමට ලැබුණු තැනැත්තෙකු මෙන් හිලරිගේ මුහුණ සමස්ත දිවුරුම්දීම් උත්සවය පුරා මිලින වී ගොසි තිබූ බවකි.
එමෙන්ම, ඔබාමා ආර්යාව වන මිෂෙල් වෙත ආචාර කිරීමේදීද ඇය එතරම් සුහද ආචාරයක් නොදැක්වීමද කැපී පෙනුණකි.
කෙසේ වෙතත්, එළිමහන් දිවුරුම්දීමේ උත්සවයෙන් පසුව කැපිටල් ශාලාවේ පැවති භෝජන සංග්‍රහය අතරතු කෙටි දේශනයක් පැවැත්වූ ට්‍රම්ප් එම අවස්ථාව හිලරිගේ පැමිණීම අගය කිරීමට යොදාගැනීම කැපී පෙනුණි.
එහිදී, හිටපු ආරක්ෂක ලෙකම්වරිය හිලරි හා හිටපු ජනපති බිල් මෙම අවස්ථාවට සහභාගී වීම තමා ලැබූ මහත් ගෞරවයක් බව පැවසූ ට්‍රම්ප්, ඇය වෙනුවෙන් මහත් අත්පොළසන් නාදයක් දීමටද අමතක නොකළේය.
මෙය හිලරි බලාපොරොත්තු නොවූ අත්දැකීමක් වූ අතර, ඇය ඉන් මහත් අමන්දානන්දයට පත්වූ බවක් පෙනෙන්නට විය.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd