ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් අතර හමුවේ මඟුල් කපුකම සිදුකර ඇත්තේ පාපන්දු තරුවක් වන ඩෙනිස් රොඩ්මන් විය හැකි බවට නිව්යෝක් පෝස්ට් විසින් කළ හෙළිදරුව්වක් සමග මේ වනවිට ඒ පිළිබඳ කතාබහක් සිදුවෙමින් පවතී.
මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් යම් විශ්වාසයක් තැබිය හැකි වන්නේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම, උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සමග සමීප ඇසුරක් පැවැත්වීමට භාග්‍ය ලද අයෙකු ලෙස ඩෙනිස් රොඩ්මන් සැලකෙන නිසාය.
එකල ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වන ඇප්රෙන්ටිස් වෙත දෙවරක් සහභාගී වී ඇති ඩෙනිස්, පස් වතාවක් උතුරු කොරියාවේ සංචාරය කර තිබේ. එමෙන්ම, ව්‍යාපාරික සබඳතා ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රචනා කර ඇති 'දි ආට් ඔෆ් ද ඩීල්' කෘතියේ පිටපතක්ද ඩෙනිස් විසින් උතුරු කොරියානු නායකයාට පිළිගන්වා තිබුණි.
එමෙන්ම, ඩෙනිස් යනු මෙම නායක දෙපළ සම්බන්ධයෙන්ම විවෘතව අදහස් ප්‍රකාශ කරන්නෙකු මෙන්ම, ඔවුන් දෙදෙනාගේම ගෞරවය හා ආදරය දිනූ චරිතයක් බවද නොරහසකි. එහිදී, පසුගිය වසරේ අගභාගයේදී ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායකයන් උණුසුම් යුද වාතාවරණයක් සඳහා වාග් සංග්රාමයකින් අරඅඳින විට ඩෙනිස් පවසා සිටියේ එය හරියට විශාල ශරීර ඇති දරුවන් දෙදෙනෙක් කවුද ශක්තිවන්තයා කියා උරගා බැලීමට කරන සෙල්ලමක් බඳු යැයි කියාය.
කෙසේ වෙතත්, ලබන ජුනි මස 12 වැනිදා සිංගප්පූරුවේදී සිදුවන ට්‍රම්ප් - කිම් හමුවට ඩෙනිස් වෙත ඇරයුමක් පවතින්නේද යන්න මෙතෙක් අනාවරණය නොවූවත්, යම් ලෙසකින් මෙම නායක දෙපළගේ ඓතිහාසික හමුවේ මඟුල් කපුකම සිදුකළේ 'ද වෝම්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු ඩෙනිස් නම්, දරුණු ලෙස බිඳ වැටී පැවති භූ දේශපාලනික සබඳතාවක් යළි එකතු කිරීම සඳහා ඔහු සිය චිත්තාකර්ෂණීය ක්‍රීඩා විලාසයෙන් ඔබ්බට තැබූ යෝද පියවරක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd