ට්‍රම්ප්-කිම් හමුව 12දා සිදුවන තරු 5 කැපෙල්ලා හෝටලය
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් අතර සිංගප්පූරුවේ ඓතිහාසික සමුළුව පැවැත්වෙන ස්ථානය තීරණය කර ඇති බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරාහ් සැන්ඩර්ස් පවසයි.
ඒ අනුව, නායක දෙපළගේ මෙම ප්‍රථම හමුව සිංගප්පූරුවේ සැන්තෝසා දූපතේ පිහිටි කැපෙල්ලා හෝටලයේදී ජුනි 12 වැනිදා සිදුවනු ඇති බව ඇය ට්විටර් පණිවුඩයක් මගින් තහවුරු කර තිබේ.
"අපේ සිංගප්පූරු මිතුරන් මේ සමුළුවේ සත්කාරකත්වය දැක්වීම සම්බන්ධයෙන් විශේෂ ස්තූතිය පුදකර සිටිනවා" යැයි ඇය සඳහන් කර ඇත.
ඇමෙරිකානු හා උතුරු කොරියානු නියෝජිතයන් පසුගිය සතියේ සිව්වතාවක් කැපෙල්ලා හෝටලයේදී හමුවෙමින් මෙම සමුළුවේ මනා සංවිධානය සම්බන්ධයෙන් එකිනෙකා අතර අදහස් හුවමාරු කරගෙන තිබේ.
එමෙන්ම සැන්ඩර්ස් අවධාරණය කළේ ජුනි 12 වැනිදා සිංගප්පූරු වේලාවෙන් පෙ.ව. 9.00 ට සමුළුව ආරම්භ වනු ඇති බවයි.
මෙම විශේෂ හමුව සිදුවන කැපෙල්ලා හෝටලය සැන්තෝසා දූපතේ පිහිටි තරු පහේ හෝටලයකි. රෙසෝට් මාදිලියේ නවාතැන් පහසුකම් මෙන්ම, ගොල්ෆ් පිටි දෙකක් සහ වින්දන උද්‍යානයක්ද මෙම හෝටලය සතු බව කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.







