ට්රම්ප් උපන්දිනයට කලින්ම කේක් කැපීම සිංගප්පූරුවේදී
- 11 06 2018
- 22:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සිංගප්පූරුවේදී කලින්ම උපන්දින කේක් කැපීමකට එක්ව තිබුණේ සිංගප්පූරු අගමැති ලී සියෑන්ග් ලූන්ග් ප්රමුඛ පිරිසක් සමගිනි.
එළැඹෙන ජූනි 14 වැනිදාට සිය 72 වැනි උපන්දිනය සමරන ට්රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සමග හෙට (12දා) පැවැත්වෙන ඓතිහාසික හමුව සඳහා සිංගප්පූරුවට පැමිණ සිටියදී අගමැති ලූන්ග් විසින් මෙම උපන්දින කේක් ගෙඩිය ට්රම්ප් වෙනුවෙන් පිරිනැමුවේ අද (11දා) ඔවුන් එක්වූ දහවල් භෝජනයේදීය.
මෙම ඓතිහාසික හමුව සඳහා ඇමෙරිකානු ජනපතිවරයා මෙන්ම, උතුරු කොරියානු නායකයා ඊයේ (10දා) සිංගප්පූරුව වෙත පැමිණියහ.
මෙම භෝජන සංග්රහයේදී සිංගප්පූරු අගමැතිවරයාට ට්රම්ප් කියා සිටියේ තමන් හෙට (12දා) උතුරු කොරියානු නායකයා සමග වඩාත් ප්රතිඵලදායක සාකච්ඡාවකට සූදානම් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.






