ටයිම්ස් චතුරස්රයේ නිරුවත් ළඳුන් අත්අඩංගුවට
නිව්යෝක් හි ටයිම්ස් චතුරස්රයේ ගැවසෙන උඩුකය නිරුවත් ළඳුන් තමන් සමග ඡායාරූප ගැනීමට මුදල් අයකරන අතර, මත්ද්‍රව්‍ය අලෙවියේ හා ගණිකා වෘත්තීයේද යෙදෙන බව පොලීසිය පවසයි.
අතිශය කාර්බහුල වීදියක මෙසේ නිරුවත් ළඳුන් ගැවසීම සම්බන්ධයෙන් එරට ඇමෙරිකාව තුළද දැඩි විවේචන පැවති අතර, විශේෂයෙන් කුඩා දරුවන් කෙරෙහි එය අයහපත් ආකාරයෙන් බලපානු ඇති බව ඇතැම් වැඩිහිටියෝ පැවසූහ.
කෙසේ වෙතත්, සිවිල් පොලිස් නිලධාරීන් යොදා නිව්යෝක් පොලීසිය සිදුකළ මෙහෙයුමකදී, මෙවැනි නිරුවත් තරුණියක පොලිස් නිලධාරියෙකුට මත්ද්‍රව්‍ය හා ලිංගික සේවය ලබාදීමට මුදල් ඉල්ලා සිටීමත් සමග ඔවුන්ට එරෙහිව නීති මගින් ක්‍රියාකිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
විශේෂයෙන්ම නිව්යෝක් නගරාධිපතිවරාය මෙම ක්‍රියාවට තදින්ම විරුද්ධව සිටි පුද්ගලයෙකු වන අතර, මෙය මිනිසෙකු ලෙසත්, දෙමවුපියෙකු ලෙසත් තමා තදින්ම විරුද්ධ වන ක්‍රියාවක් බව ඔහු අවධාරණය කළේය.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

