ජපාන අධිවේගී දුම්රිය ලෝක වාර්තාවක් තියයි
- 21 04 2015
- 16:19
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
චුම්භක ක්ෂේත්රයක් මත ගමන් කරන ජපානයේ අධිවේගී දුම්රියක් පරීක්ෂණ ගමන් වාරයකදී නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව වාර්තා වෙයි.
එරට ෆූජි ගිනිකන්ද ආසන්නයේදී සිදුවූ මෙම ගමනේදී පැයට කිලෝමීටර් 603ක (පැ.සැතපුම් 374ක) වේගයක් මෙම අධිවේගී දුම්රිය විසින් වාර්තා කර තිබේ.
ජපානයේ මධ්‍යම දුම්රිය දෙපාර්තමේන්තුව සතු මෙම දුම්රිය ටෝකියෝ සහ මධ්‍යම නගෝයා දක්වා ගමන් කිරීම 2027 සිට ඇරඹෙනු ඇති බව කියයි.
කිලෝමීටර් 280ක මෙම දුර ධාවනය වීමට විනාඩි 40ක පමණ කාලයක් ඊට වැයවෙනු ඇති බවත්, එය වර්තමානයේදී වැයවන කාලයෙන් අඩකටත් වඩා අඩු කාලයක් බවත පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
