ජපාන අකිහිතෝ අධිරාජ්‍යයා රජකම අත්හැරීමට සූදානම්
ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාට සිය රජකම අත්හැරීම සඳහා හැකියාව ලැබෙන පනතකට එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.
83 වැනි වියෙහි පසුවන අකිහිතෝ අධිරාජ්‍යයා පසුගිය වසරේදී පවසා සිටියේ රාජ්‍යත්වයේ නිල කටයුතු සිදුකිරීම සඳහා තම වයස මෙන්ම තම සෞඛ්‍ය තත්ත්වයද බාධාවක්ව පවතින බවයි.
කෙසේ වෙතත්, මෙම පනත ඉදිරියේදී ජපාන පාර්ලිමේන්තුව වෙතද ඉදිරිපත් කෙරෙන අතර, එහිදීද එය සම්මත වනු ඇතැයි විශ්වාස කෙරෙයි.
ඒ අනුව, වත්මන් අකිහිතෝ අධිරාජ්‍යයා සිය බලයට සමුදෙනු ලැබුවහොත් එය වර්ෂ 1817 දී කොකාකූ අධිරාජ්‍යයාගෙන් පසුව ජීවත්ව සිටියදී සිය රාජකීයත්වය අත්හරින දෙවැනි අවස්ථාව ලෙස ඉතිහාසගත වනු ඇත.
මේ ආකාරයෙන් අකිහිතෝ අධිරාජ්‍යයා සිය බලය අත්හැරීම නීත්‍යානුකූලව සිදුවුවහොත් ඔටුන්න හිමි නරුහිතෝ කුමරු වෙත රාජ්‍යත්වය හිමිවනු ඇත.
ජපාන කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ලේකම්වරයා පවසා සිටියේ මෙම රාජකීයත්ව හුවමාරුව වඩාත් සුමටව සිදුකිරීම සඳහා වූ නීත්‍යනුකූල තත්ත්වය වෙනුවෙන් රජය කටයුතු කරමින් සිටින බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

