ජපානයේ තල්මසුන් දඩයම යළිත් - ඔස්ට්‍රේලියාව කිපෙයි
ඇන්ටාර්ක්ටිකාවට ඔබ්බෙන් මුහුදේදී ජපාන නෞකා විසින් සිදුකරන තල්මසුන් දඩයම ඔස්ට්‍රේලියාවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
'සී ෂෙපර්ඩ්' යනුවෙන් හැඳින්වෙන තල්මස් දඩයමට විරුද්ධ කණ්ඩායමක් විසින් මෙම ඡායාරූප ප්‍රසිද්ධියට පත්කර තිබුණේ පසුගිය ඉරිදා දිනයේදීය.
එම ඡායාරූප අතර ජපාන යාත්‍රාවක් තුළ මියගිය දුර්ලභ තල්මසෙකුගේ සිරුරක්ද දැකගත හැකිවෙයි.
ඔස්ට්‍රේලියාව සමග ආරක්ෂක සබඳතා තරකර ගැනීම සඳහා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිඩ්නි වෙත පැමිණ දින දෙකකට පසුව මෙය සිදුවීමද විශේෂත්වයකි.
ඔස්ට්‍රේලියානු පාරිසරික අමාත්‍ය ජෝෂ් ෆ්රයිඩෙන්බර්ග් පෙන්වා දෙන්නේ පරීක්ෂණවලටවත් තල්මසුන් දඩයම සිදු නොකළ යුත්තක් බවය.
"ජපානය මේ ගිම්හාන සෘතුවේත් තමන්ගේ සුපුරුදු විද්‍යාත්මක තල්මස් දඩයමට දකුණු මුහුද වෙත පැමිණීම ඔස්ට්‍රේලියානු රජයේ බලවත් කලකිරීමට හේතු වෙනවා" යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

