ජනවාරි කන්දහාර් බෝම්බයට බිලිවූ UAE තානාපති මරු දකී
ඇෆ්ගනිස්තානයේ, කන්දහාර් ප්‍රදේශයේදී පසුගිය මස බෝම්බයකට ගොදුරු වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා අබුඩාබි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
65 වැනි වියෙහි පසුවූ ජූමා මොහොමඩ් අබ්දුල්ලාහ් අල්-කාබි තානාපතිවරයා පසුගිය ජනවාරි 10 වැනිදා කන්දහාර් ආණ්ඩුකාර තානායමේදී බෝම්බ ප්‍රහාරයට ලක්වූ අතර, එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙම ප්‍රහාරය තලේබාන් සංවිධානය විසින් සිදුකරන්නට ඇතැයි විශ්වාස කෙරුණත්, එම සංවිධානය එය ප්‍රතික්ෂේප කර තිබුණි.
ඔවුන් පවසා තිබුණේ ප්‍රදේශයේ වෙනත් විරුද්ධ සංවිධානයක් විසින් මෙය සිදුකර ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් 5ක් දෙනෙකුද වූහ.
එමෙන්ම, සෙසු පිරිස අතර කන්දහාර් හි නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා, ඇෆ්ගනිස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් සහ මන්ත්‍රීවරු දෙදෙනෙක්ද වූහ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

