ගෝබි කාන්තාරයේ ගෝබි සුනඛයා සොයාගනී
- 25 08 2016
- 23:52
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
චීනයේ ගෝබි කාන්තාරය හරහා කිලෝ මීටර් 250ක දැවැන්ත මැරතන් තරගයකට එක්වූ ගෝබි නමැති බැල්ල ලෝක ප්‍රසිද්ධ වී තිබේ.
පසුගිය මාසයේදී ස්කොට්ලන්ත ජාතික ඩියන් ලෙනාඩ් සමග මැතරතන් තරගය පුරා ඔහුගේ තනියට සිටි ගෝබි ස්කොට්ලන්තයට රැගෙන යාම ඔහුගේ අදහස් වී තිබුණි.
කෙසේ වෙතත්, ඊට පෙර වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් වෙනුවෙන් චීනයෙන් පිටත්ව යද්දී ගෝබි හිතවතුන් කිහිප දෙනෙකු සමග රඳවා ගියත්, මෙම බැල්ල අතුරුදන්ව ඇති බව ලෙන්ඩ්ට ආරංචි විය.
වහාය යළි චීනයට පැමිණි ඔහු ගොබි සොයාදෙන ලෙස ඉල්ලමින් සමාජජාල තුළ දැවැන්ත පෙරළියක් සිදුකළ අතර, අවසානයේදී ඔහුගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙමින් මෙම සුනඛයා පිළිබඳ හෝඩුවාවක් ලැබිණි.
කෙසේ වෙතත්, මෙවර ගෝබි යළි තම රටට රැගෙන යන තුරු චීනයේ රැඳ සිටින බව ලෙනාඩ් පවසා තිබුණි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
