ගුරුවරු අතින් දූෂණයට ලක්වූ පාසල් ශිෂ්‍යාව අසාධ්‍යව රෝහලේ
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පාසලකදී මාස තුනක් පුරා ගුරුවරු දෙදෙනෙකු අතින් දූෂණයට ලක්වූ පාසල් ශිෂ්‍යාවක ගබ්සාවකින් පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් එම පාසලේ අධ්යක්ෂ ධුරය දරණ ගුරුවයා මෙන්ම, තවත් ගුරුවරයෙකු සැකපිට අත්අඩංගුවට පත්ව ඇත.
උසස් පන්තියක ඉගෙනුම ලබන 18 හැවිරිදි ශිෂ්‍යාවක මෙම තත්ත්වයට මුහුණදී ඇති අතර, ඇය ගබ්සාවකින් පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවන බැවින් එම ගබ්සාව සිදුකළ රෝහල පිළිබඳවද පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.
මාස තුනක කාලයක් පුරා මෙම පාසල් ශිෂ්‍යාව දූෂණයට ලක්ව ඇති අතර, මේ වනවිට සිහිසුන්ව රෝහලේ සිටින ශිෂ්‍යාවගෙන් කටඋත්තරයක් ලබාගැනීමට පොලීසියට අවස්ථාවක් හිමිව නොමැති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
සවස් කාලයේදී අමතර පන්ති පැවැත්වෙන බව පවසමින් ශිෂ්‍යාවන් පාසලට ගෙන්වා මෙම අපයෝජනය සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


