ඉන්දියාවේ දිල්ලි අගනුවර දුම්රිය මාර්ගයක් මත සෙල්ෆි ගනිමින් සිටි තරුණියන් දෙදෙනෙකු එම මාර්ගයේම ගමන්ගත් දුම්රියක හැපී ජීවිතක්ෂයට පත්ව තිබේ.
දුම්රිය ඉදිරියට ඇදෙන අවස්ථාවේදී සෙල්ෆි ගැනීමට මෙම තරුණියන් කණ්ඩායම උත්සාහ ගත්බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
කෙසේ වෙතත්, මේ අතර සිටි තරුණියන් දෙදෙනෙකු දුම්රිය ඉතා ආසන්නයට පැමිණෙන විට එම ස්ථානයෙන් ඉවත්වීමට අපොහොසත් වී ඇති අතර, ඔවුන් දෙදෙනා මතින් දුම්රිය ගමන්කර තිබේ.
ඉන්දියාව තුළ සෙල්ෆි උන්මාදය වඩාත් වැඩි අතර, එරට තුළ ලොව අනෙකුත් රටවලට වඩා සෙල්ෆි ගැනීමට ගොස් සිදුවන මරණ සංඛ්‍යාවේද වැඩිවීමක් පෙන්වන බව බලධාරීහු පවසති.
විශ්වවිද්‍යාලයක් විසින් සිදුකළ විශ්ලේෂණයකට අනුව 2014 සහ 2015 කාල සීමාව තුළ සෙල්ෆි ගැනීමට ගොස් සිදු වූ මරණ 127 ක් ලොව පුරා වාර්තා වී ඇති අතර ඉන් මරණ 76 ක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි.