කෙන්ටකි පාසලේ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු නසී
ඇමෙරිකා එක්සත් ජනපදයේ, කෙන්ටකි ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.
මාර්සල් කන්ට්‍රි උසස් පාසලේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 15 හැවිරිදි පාසල් දැරියක ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 15 හැවිරිදි සිසුවෙකු රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ බව කෙන්ටකි ආණ්ඩුකාරවරයා පවසයි.
මෙම ප්‍රහාරය සිදුකළ තැනැත්තාද 15 හැවිරිදි පාසල් සිසුවෙකු බව හඳුනාගෙන ඇති අතර, පසුව ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.
උදෑසන එල්ල වූ මෙම ප්‍රහාරයෙන් විනාඩි කිහිපයකට පසුව ප්‍රහාරකයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර පාසල් සිසුන් 12 දෙනෙකුම සිටින බවත්, ඉන් පස් දෙනෙකු හැර අනෙක් සියලු දෙනා වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඇමෙරිකාවේ පාසල් තුළ මෙවැනි ප්‍රහාර එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, එරට ගිනි අවි පාලන නීතිරීති සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට කතාබහ ඇති වූයේ මේ හේතුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



