කුන්මින්ග් ඝාතන ත්‍රස්ත ක්‍රියාවක් - ඇමෙරිකාව
ජීවිත 29ක් අමු අමුවේ තියුණු පිහි සහ මන්නාවලින් කපා දමමින් චීනයේ, කුන්මින්ග් දුම්රිය ස්ථානයේ සිදුවූ ම්ලේච්ඡ මනුෂ්‍ය ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
බටහිර මාධ්‍ය මෙම සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස වාර්තා නොකිරීම සම්බන්ධයෙන් චීන මාධ්‍ය වොෂිංටනයට චෝදනා කිරීමත් සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
කෙසේ වෙතත්, චීනයේ ෂිංජින්ග් පළාතේ සිටින සුළුතර උයිගුර් මුස්ලිම්වරු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට චීනය චෝදනා කරයි.
ප්‍රහාරය සඳහා පුද්ගලයන් 8 දෙනෙකු පැමිණ ඇති බවත්, ඔවුන් දුම්රිය ස්ථානයේ සිටි පුද්ගලයන්ට අහඹු ලෙස තියුණු පිහි සහ මන්නාවලින් පහර දෙමින් මෙම ඝාතන සිදුකර ඇති බවත් පැවසෙයි.
මේ අතර, තවත් පුද්ගලයන් 130ක් පමණ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබීය. ඉන් 20 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

