කැස්ත්‍රෝ වෙනුවෙන් දුක්වන පිරිස සමග සතුටුවන පිරිසක්
කියුබානු නායකයාගේ අභාවය වෙනුවෙන් එරට තුළ දින නවයක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින්, එරට සියලු සංදර්ශන හා නවතා දමා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
කියුබානු ජනතාවට අනුව ඔවුන්ගේ නායකයාගේ අභාවය සිය පියාගේ අභාවය හා සමාන වී තිබේ.
බොහෝ ගොඩනැගිලිවල ධජ අඩකුඹු කර පැවති අතර, සියලු ගුවන්විදුලි හා රූපවාහිනී සේවා දේශාභිමානී ගීත හා කැස්ත්‍රෝ පිළිබඳ ඓතිහාසික පුවත් රැගත් වැඩසටහන් පමණක් ප්‍රචාරය කරන්නට විය.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් කියුබානු වැසියන් මෙන්ම, ලෝකයේ බොහෝ රටවල් ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවය පිළිබඳ ශෝක වුවද, ඒ පුවත ඇසීමෙන් සතුටු වූ පිරිසක්ද වූහ.
ඒ අතරින් ඇමෙරිකාවේ මියාමි නුවර ලිට්ල් හැවානා නමින් හැඳින්වෙන නගරයේ වෙසෙන කියුබානු - ඇමෙරිකානුවන් ප්‍රමුඛත්වය ගෙන තිබුණු බව විදෙස් වාර්තාවල සඳහන් විය.
ඔවුන් කැස්ත්‍රෝගේ පාලන සමයේදී කියුබාවෙන් පලා ආ පිරිසක් වන අතර, ඔවුන් වීදිවලට බැස ගී ගයමින්, නර්තනයේ යෙදෙමින් ෆිදෙල්ගේ අභාවයෙන් උද්දාමයට පත්ව සිටින ආකාරය දැකිය හැකිවිය.
විශේෂයෙන්ම කැස්ත්‍රෝගේ අභාවය එරට ජනතාවට අලුත් නිදහසක් ලබාදුන් අවස්ථාවක් ලෙස ඔවුන් මෙම ශෝකී පුවත හඳුන්වන්නට විය.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

