කැලිෆෝනියා ඝාතකයා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ පුතෙක්
- 25 05 2014
- 20:56
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
කැලිෆෝනියාවේදී අනුකම්පා විරහිතව මනුෂ්‍ය ඝාතන 6ක් සිදුකළ තැනැත්තා එලිඔට් රොජර් නමැති 22 හැවිරිදි තරුණයා බව හඳුනාගෙන තිබේ.
හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ පීටර් රොජර්ගේ පුත්‍රයා ලෙස හඳුනාගෙන ඇති මෙම තරුණයා උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙකු බව හඳුනාගෙන ඇත.
මුලින්ම සිය නවාතැනේ සිටි මිතුරන්ට පිහි ඇනුම් සිදුකරමින් ඔවුන් ඝාතනය කළ මොහු, පසුව කළු පැහැති බී.එම්.ඩබ්. මෝටර් රථයක නැගී දිගට හරහට වෙඩි තබමින් ගමන් කර ඇති බව කියැවෙයි.
අවසානයේ පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී ඔහු මෝටර් රථය තුළ වෙඩි වැදී සිටියදී ඔහු හමුවූ බව පොලීසිය පවසයි.
මනුෂ්‍යත්වයට එරෙහි වන්නන්ගෙන් පළිගන්නා බව සඳහන් කරමින් ඔහු යූ-ටියුබ් වෙබ් අඩවියට එකතු කළ වීඩියෝවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවද පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
