කැනඩාව භීතියට පත් කළ වෙඩික්කරුවා දින දෙකකට පසු අල්ලයි
කැනඩාවේ මොන්ක්ටන් නගරයම භීතියෙන් අලලා පොලිස් නිලධාරීන් තිදෙනෙකුට මරු කැඳවමින් තවත් නිලධාරීන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් වෙඩි තැබීම් සිදුකළ වෙඩික්කරුවා අත්අඩංගුවට පත්වූ බව කැනඩා පොලීසිය පවසයි.
රාජකීය කැනේඩියානු පොලීසිය පෙන්වා දෙන්නේ ජස්ටින් බෝර්ක් නම් වූ මොහු මධ්‍යම රාත්‍රිය වනවිට අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි.
දින දෙකක් පුරා මෙම තැනැත්තා සොයමින් විශේෂ මෙහෙයුමක් ප්‍රදේශය පුරා සිදුකළ අතර, ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙසට පොලීසිය නිවේදනය කර තිබුණි.
මෙම මෙහෙයුම සිදුවූ කාලය තුළ පාසල් හා රජයේ ගොඩනැගිලිද වසා දමා තිබුණි.
පොලීසිය පෙන්වා දෙන්නේ දැන් නගරවාසීන්ට භියකින් තොරව නැවත සිය සුපුරුදු දින චර්යාවට පැමිණිය හැකි බවයි.
මොහුගේ අත්අඩංගුවට පත්වීම තමන් දුටු බව නගර වාසියෙකු වූ මිෂෙල්ලේ සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණි.
“ඔහු සිට ඇත්තේ මගේ නිවස පිටුපසයි. මගේ ඇස් ඉදිරිපිටම ඔහු අත්අඩංගුවට පත්වන ආකාරය මා දුටුවා.” ඇය වැඩිදුරටත් පවසා තිබුණි.
“විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ ඔහුට භාරවෙන ලෙස කෑ ගසමින් කියා සිටියා. අවසානයේදී ඔහු පොලීසියට භාර වූවා.” ඇය වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

