කැනඩාවේ අගමැති පවුලම ඉන්දියාවේදී ඉන්දියා වෙයි
ඉන්දීය සාම්ප්‍රදායක ඇඳුමින් සැරසෙන ලෙස යම් විදේශිකයෙකුට ඇරයුම් කළ විට ඔහු හෝ ඇය කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ තරම් උන්දුවක් ඒ වෙනුවෙන් නොදක්වා ඇති බව කියැවෙයි.
ඉන්දියාවේ සංචාරයක නිරත කැනේඩියානු අගමැතිවරයා, බිරිඳ හා දරුවන් ඉන්දීය සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටින ඡායාරූප රැසක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව තිබේ.
එමෙන්ම, කැනේඩියානු නායකයා ඉන්දීය සාම්ප්‍රදායික ඇඳුමට අමුත්තෙකු නොවන බවද කියැවේ.
විශේෂයෙන්ම කැනඩාවේදී පැවැත්වෙන දීවාලී උත්සවයට සහභාගී වන අවස්ථාවේදී ඔහු බොහෝ විට ඉන්දීය ඇඳුමින් සැරසී සිටියි.
එමෙන්ම, මේ වනවිට කැනඩාවේ ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවන්නේද ඉන්දීය සම්භවයක් ඇත්තෙකි.
පසුගිය පෙබරවාරි 17 වැනිදා නිල සංචාරයක් වෙනුවෙන් ඉන්දියාවට පැමිණි ඔහු ආදරයේ සංකේතයක් බඳු ටජ්මහල නැරඹීමට ගියේද සිය බිරිඳ හා දූ දරුවන් සමගිනි.
එහිදී, තමන් කුඩා කාලයේදී පියා සමග ටජ් මහල නැරඹීමට පැමිණි බව සිහිපත් කළ ඔහු, ඒ අතීතය අත තම දරුවන් සමග යළි කියවන බව ඔහු කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



