කැටලෝනියා ජනපති ඇතුළු පිරිසට බෙල්ජියමේදී නිදහස
බෙල්ජියමේ පොලීසිය වෙත භාරවූ කැටලෝනියා හිටපු ජනපති අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොන්දේසි පිට නිදහස් කර තිබේ.
එහිදී, හිටපු කැටලෝනියා නායකයා මෙන්ම, පොලීසියට භාරවීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍යවරුන් සිව් දෙනෙකුද මේ ආකාරයෙන්ම නිදහස ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
නමුත්, ඔවුන්ට දින 15ක කාලයකදී යළිත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග ලැබී තිබේ.
ස්පාඤ්ඤ අගමැතිවරයා කැටලෝනියා පළාතේ පාලනය විසුරුවා හැරීමෙන් අනතුරුව ධුරය අහිමි වුණු කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් ඇතුළු කැටලෝනියා රජයේ අමාත්‍යවරුන් සිව් දෙනෙකු බෙල්ජියම වෙත පළාගිය අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා යුරෝපා සංගම් වරෙන්තුවක් නිකුත් කිරීමත් සමග මෙම ක්‍රියාවලිය කඩිනම් විය.
මේ අතර, ස්පාඤ්ඤ අධිකරණය විසින් හිටපු කැටලෝනියා නායකයා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින්නේ කැරළිගැසීම සහ මහජන මුදල් අවභාවිත කිරීම යන චෝදනා යටතේය.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති පුයිග්ඩෙමොන්ට එරෙහිව පවතින චෝදනා සාධාරණව විභාග කෙරෙන්නේ ස්පාඤ්ඤයේදී නොව බෙල්ජියමේදී බවට වන විශ්වාසය මත එම අධිකරණ කටයුතු බෙල්ජියමේ සිට සිදු කිරීමට ඔහු ඇතුළු පිරිස ඉල්ලීම් කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


