කාෂ්මීර උණුසුම් තත්ත්වය නිසා ඉන්දු ජනයා පළා යයි
ඉන්දු - පාකිස්තාන කාෂ්මීර දේශසීමාවේ උද්ගතව ඇති උණුසුම් වාතාවරණයත් සමග එම දේශසීමාවේ සිටින ඉන්දියානුවන් පළා යමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, එම දේශසීමාවේදී පාකිස්තාන භූමියට ඇතුළු වූයේ යැයි පවසමින් ඉන්දීය සොල්දාදුවෙකු පාකිස්තාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඉන්දියාව චෝදනා කරයි.
එමෙන්ම, පසුගියදා ඇති වූ ප්‍රහාරයෙන් පාකිස්තාන සොල්දාදුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට ඉන්දියාවට චෝදනා එල්ල වූ අතර, ඉන්දියාව කියා සිටියේ ඉස්ලාමීය අන්තවාදීන් ඉලක්ක කර තමන් පහරදුන් බවයි.
නොදැනුවත්ව පාකිස්තාන දේශසීමාවට ඇතුළු වූ සොල්දාදුවෙකු මෙසේ පාකිස්තානය විසින් අල්ලාගෙන ඇති බවට මේ ආකාරයෙන් ඉන්දියාව චෝදනා කළත්, පාකිස්තානය ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශ කර නැත.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඔවුන් හොර රහසේම මෙම සොල්දාදුවා යළි නිදහස් කිරීමටද ඉඩ ඇති බවයි.
මේ ආකාරයෙන් ඉන්දු - පාකිස්තාන ගැටුම් උග්‍ර අතට පත්වෙමින් ඇති බැවින් පන්ජාබ් ප්‍රාන්තයේ ගම්මාන රැසක ජනතාව සිය ගම්බිම් අත්හැර පළා යෑම අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මතභදේයට තුඩු දී ඇති කාෂ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර වසර ගණනාවක් මුළුල්ලේ ගැටුම් පවතින අතර, මේ දක්වා එම භුමිය වෙනුවෙන් යුද්ධ දෙකක්ද ඇති වී තිබේ.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

