කාබුල් නුවර ISIS මරාගෙන මැරෙන ප්‍රහාරකයා කුඩා දරුවෙක්ලු
ඇෆ්ගනිස්ථානයේ, මධ්‍යම කාබුල් නුවර සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.
කාබුල් පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය වයස අවුරුදු 12ත්, 13ත් අතර වයසේ කුඩා දරුවෙකු යොදාගෙන සිදුකරන ලද ප්‍රහාරයක් බවයි.
මේ අතර, මෙම ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබුණි.
සිද්ධිය වූ විගස ගිලන් රථ එම ස්ථානය වෙත ළඟා වී තිබුණත්, සිද්ධියෙන් සිදුවූ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රොයිටර් පුවත් සේවය පවසා තිබුණේ මියගිය පිරිස 8ක් පමණ විය හැකි බවකි.
පසුගිය මාස කිහිපය තුළ තලේබාන් සංවිධානය මෙන්ම, තවත් ජිහාඩ් අන්තවාදී සංවිධානවල ප්රහාරයන්ට කාබුල් නගරය නිරන්තරයෙන් ගොදුරු වූ අතර, සිදුවූ ප්‍රහාර හේතුවෙන් ජීවිත රැසක් අහිමි වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


