ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර තුර්කි තානාපති කාර්යාලයේ මෝටර් රථයක් ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබේ.
බෝම්බ පුරවාගත් මෝටර් රථයක් තුර්කි තානාපති කාර්යාලයේ කාර් රථය වෙත පදවාගෙන පැමිණ ඇති අතර, මෙම ප්රහාරයෙන් තුර්කි සොල්දාදුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්රහාරයෙන් බෝම්බකරුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ප්රහාරයට පසුව ප්රකාශයක් නිකුත් කර ඇති තලේබාන් සංවිධානය ප්රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, ඇමෙරිකානු හමුදා රථ පෙළක් ඉලක්ක කරමින් මෙම ප්රහාරය සිදුකළ බව පවසා තිබේ.