කාබුල් ගිලන් රථ ප්‍රහාරයේ මරණ 95ක් දක්වා ඉහළ යයි
ඇෆ්ගනිස්ථානයේ, මධ්‍යම කාබුන් නුවර ගිලන් රථයක් යොදාගනිමින් එල්ල කරන ලද තලේබාන් මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය පිරිස 95 දක්වා ඉහළ ගොස් තිබේ.
එම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස 158 දෙනෙකු බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසා සිටියි.
පළාතේ රජයේ ආයතන සහ විදේශ තානාපති කාර්යාලය පවතින දැඩි ආරක්ෂිත කලාපයක ආරක්ෂක මුරපොළක් වෙත මෙම මරාගෙන මැරෙන ගිලන් රථය පැමිණ පිපිරීම සිදුකර තිබේ.
ප්‍රහාරයේ ඉලක්කය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල විය හැකි බව ආරක්ෂක අංශ සැක පහළ කරයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් මියගිය වැඩි පිරිස එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි සාමාන්‍ය ජනතාව බව ඇෆ්ගනිස්ථාන වාර්තා පෙන්වා දෙයි.
දැනට මාස කිහිපයකට පෙර ඇෆ්ගනිස්ථානය තුළ යළිත් ප්‍රහාර එල්ල කරමින් සිටින තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගත් අතර, ඔවුන් පසුගිය සතියේ කාබුල් නුවර සුඛෝපභෝගී හෝටලයකට එල්ල කරනලද ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




