ක්රිමියාව යළි යුක්රේනයට භාරදිය යුතු බව ට්‍රම්ප් පාලනය කියලා
රුසියාව අත්පත් කරගත් ක්‍රිමියා අර්ධද්වීපය යළි යුක්රේනයට භාරදිය යුතු බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ස්ථාවරයක පසුවන බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයිකල් ෆ්ලින්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක් අමතමින් ස්පයිසර් මෙම අදහස් දක්වා තිබේ.
එහිදී, ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඔබාමා පාලන කාලය සමයේදී රුසියාව විසින් ක්රිමියාව පැහැරගත් බවයි. එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා ලෙස ට්‍රම්ප් යෝජනා කළ නිකී හැලෙයි විසින්ද රුසියානුවන්ගේ ක්‍රියාව ප්‍රසිද්ධියේ විවේචනය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
"ක්රිමියාව කියන්නෙ යුක්රේනයේ කොටසක්. ක්රිමියාව සම්බන්ධයෙන් අප පනවා ඇති සම්බාධක ඒ අර්ධද්වීපය යළි යුක්රේනය වෙත භාරදෙන තුරු ක්‍රියාත්මක වෙනවා." යැයි පසුගිය පෙබරවාරි 02 වැනිදා පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසිවාරයේදී හැලෙයි පවසා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

