කඳුකරයක සිටි කතක් මාසයකින් පමණ හමුවේ
- 25 08 2016
- 23:57
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
මීට මසකට පමණ පෙර නවසීලන්තයේ කඳුකර ප්‍රදේශයකදී අතුරුදන් වූ චෙක් කාන්තාවක් කඳුකරයේ කූඩාරමක් තුළ සිටියදී සොයාගෙන තිබේ.
කඳු නගින්නියක ලෙස සිය ස්වාමියා සමග දකුණුදිග නවසීලන්තයේ හිමරැඳි කඳුකරයට මීට මාසයකට පමණ පෙර පැමිණි ඇය පොලීසියට පවසා තිබුණේ තම ස්වාමියා කඳු නැගීම අතරතුර සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බවයි.
කෙසේ වෙතත්, ඇය සොයාගැනීමට දායක වූ පිරිස් පවසා සිටියේ ඇයගේ හමුවීම ආශ්චර්යක් බවයි. එමෙන්ම, ඔවුන් සොයාගන්නා අවස්ථාවේදී ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බවත් ඔවුන් කියයි.
කෙසේ වෙතත් පොලීසිය විසින් ඇය වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
