එකම පවුලේ 14කගේ ගෙල සිඳ ඝාතනය කරලා
ඉන්දීය ජාතිකයෙකු විසින් තම දෙමවුපියන් හා පවුලේ සාමාජිකයන් 14 දෙනෙකු ගෙල සිඳ ඝාතනය කර, තමාගේද දිවි තොරකර ගෙන ඇති අනුවේදනීය පුවතක් වාර්තා වෙයි.
35 වැනි වියෙහි පසුවන හස්නින් වරේකාර් නමැති මෙම පුද්ගලයා මුම්බායි නගරයට ආසන්න තානේ නමැති ගම්මානයේදී මෙම අමානුෂික ඝාතනය සිදුකර තිබේ.
වාර්තා වන අන්දමට මෙම ඝාතන සිදුකිරීමට පෙර ඔහු සිය පවුලේ ඥාතීන්ගේ ආහාරවලට වේදනා නාශක බෙහෙත් ගල්වා ඔවුන්ට ආහාරයට ගැනීමට ලබාදී ඇති බවද කියැවෙයි.
මෙම පුද්ගලයාගේ නැගෙණියගේ මර ලතෝනියෙන් අසල්වාසීන් සිද්ධිය වූ ස්ථානයට යනවිටත් එය අමු සොහොනක් බවට පත්ව තිබී ඇත. කෙසේ වෙතත්, මෙම ප්රහාරයෙන් එම නැගෙණිය තුවාල ලබා බේරී තිබේ.
තානේ පොලිස් ප්රධානියා පවසන්නේ මෙම ඝාතන සඳහා ඔහු විශාල පිහියක් යොදාගෙන ඇති බවයි. මෙම ප්රහාරයේදී ඔහු සිය දෙමවුපියන්, ඔහුගේ සහෝදරියන් මෙන්ම සහෝදරියන්ගේ දරුවන්ද ඇතුළුව දරුවන් 7 දෙනෙකු ඝාතනය කර ඇති බවද පොලිස් ප්රධානියා කියයි.
මෙම අමානුෂික ඝාතනයෙන් මියගිය වයසින් ළාබාලතම දරුවා වයස මාස තුනක දියණියක් බවත්, වැඩි මහලුම තැනැත්තා 55 වියැති පියා බවත් කියැවේ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

