ඊජිප්තු යානය පැහැගත් තැනැත්තා පිටුවහල් කරන්නලු
මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නේ යැයි බිය ගන්වා ඊජිප්තු ගුවන් යානයක් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් සයිප්‍රසයට ගොඩබැස්වූ පුද්ගලයා ඊජිප්තුවට පිටුවල් කරන ලෙස එරටින් සයිප්‍රසයට ඉල්ලීමක් ලැබී තිබේ.
සයිප්‍රසයේ ජීවත් වන තම හිටපු බිරිඳ සමග වූ ආරවුලක් මෙසේ ව්‍යාජ මරාගෙන මැරෙන බෝම්බයක් පෙන්වා ගුවන් යානයක් පැහැරගැනීම තෙක් දුරදිග ගොස් තිබුණු බව පසුව අනාවරණය විය.
කෙසේ වෙතත්, මෙම තැනැත්තාට එරෙහිව ගුවන් මංකොල්ලය, පැහැරගැනීම හා තර්ජනාත්මක හැසිරීම යන කරුණු යටතේ චෝදනා ගොනුවනු ඇති බව කියැවෙයි.
මොහු සයිප්‍රස් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු කිසිවක් පවසා නැතත්, යළි පොලීසියෙන් ඔහු රැගෙන යන අවස්ථාවේදී ජයග්‍රාහී V අක්ෂරය සිය අතින් පෙන්වමින් ගියේය.
කෙසේ වෙතත්, අවසානයේදී මෙම පවුල් අර්බුදයත් සමග මිනිස් ජීවිත අනතුරේ හෙලීමක් සිදුවූ අතර, මෙය තවත් එක් ත්‍රස්ත ක්‍රියාවක් නොවීම බොහෝ දෙනෙකුට සැනසුම් සුසුම් ගෙන දෙන්නක් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

