ඊජිප්තු IS ප්‍රහාරයෙන් පසුව තෙමසක හදිසි තත්ත්වයක්
ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානි දේවස්ථාන දෙකක් ඉලක්ක කරමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව එරට තුළ මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
ඊජිප්තු ජනාධිපති අබුද්ල් ෆටාහ් අල්-සිසී මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කර සිටියේ පුද්ගල ජීවිත 44ක් බිලිගනිමින් ඊයේ අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් එල්ල කළ ප්‍රහාරයෙන් පසුවය.
මෙම හදිසි තත්ත්වයත් සමග වරෙන්තු නොමැතිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත්, නිවාස සෝදිසි කිරීමටත් ආරක්ෂක අංශ වෙත අවසර හිමිවෙයි.
කෙසේ වෙතත්, මෙය ක්‍රියාත්මක කිරීමට පෙර ඊට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍යව පවතින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ටන්ටා සහ ඇලෙක්සැන්ඩ්‍රියා දේවස්ථාන ඉලක්ක කරමින් සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් භාරගෙන තිබේ.
මේ අතර ඊජිප්තුව තුළ අවදානමට ලක්ව ඇති ස්ථාන ආරක්ෂා කිරීම සඳහා වැඩිපුර හමුදා යෙදවීමටද ජනාධිපතිවරයා නියෝග ලබාදී තිබේ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

