ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ගුවන් සේවකයාට පහරදෙයි
ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එරට ගුවන් යානා සේවකයෙකු වෙත සෙරෙප්පුවකින් පහරදීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් අරඹා තිබේ.
එයාර් ඉන්දියා ගුවන් යානයෙන් ගමන් කිරීමට පැමිණි රවින්ද්‍ර ගයික්වාද් නමැති මෙම මන්ත්‍රීවරයාට ව්‍යාපාරික පන්තියේ ආසනයක් ලබා නොදීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර තිබේ.
මූලික පරීක්ෂණවලට අනුව මන්ත්‍රීවරයා විසින් අදාළ සේවකයා වෙත 25 වතාවකට වඩා සෙරෙප්පු ප්‍රහාර එල්ල කර ඇත්තේ තමාට ව්‍යාපාරික පන්තියේ අසුනක් අහිමිවීමේ දැඩි කෝපයෙන් යුතුව බව සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් එයාර් ඉන්දියා ගුවන් සේවය පැමිණිල්ලක් කර ඇති අතර, මේ වනවිට අදාළ මන්ත්‍රීවරයා ඉන්දීය ගුවන් සේවා අධිකාරිය යටතේ වූ සියලු ගුවන් සේවා විසින් තහනම් කරමින්, එකී යානාවලට ඇතුළු වීම වළැක්වීමේ තීරණයකට පැමිණ තිබේ.
මේ හේතුවෙන් මන්ත්‍රීවරයාට පූනේ හි පිහිටි සිය නිවස වෙත දුම්රියෙන් යළි පැමිණීමට සිදුව ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

