ඉන්දීය කාෂ්මීරයේ හමුදා කඳවුරු ප්‍රහාරයෙන් සෙබලු 17ක් මරුට
ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ හමුදා කඳවුරක් වෙත සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් සොල්දාදුවන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ සටන්කාමීන් හතර දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දෙපිරිස අතර පැය කිහිපයක් වෙඩි හුමවාරුවක්ද සිදුව තිබේ.
යූරි නගරයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එය ශ්‍රී නගර හි සිට කිලෝමීටර් 102ක් පමණ දුරින් පිහිටි ස්ථානයකි. කෙසේ වෙතත්, මෙය ඉන්දිය හා පාකිස්තාන කාෂ්මීර මායිමේ පිහිටි නගරයක් බවද කියැවෙයි.
කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් පසුව කඳවුර වෙත අමතර බලඇණි යවමින් සෝදිසි මෙහෙයුම් අරඹා ඇති බව ඉන්දීය හමුදාව පවසයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සිදුකළ සටන්කාමීන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවද කියැවෙයි.
1989 වසරේ සිට කාෂ්මීරයට එල්ල වන ත්‍රස්ත ප්‍රහාර අතර මෙය අතිශය දරුණු ප්‍රහාරයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

