ඉන්දියානු තරුණියක් තවත් කාමාතුරයෙකුට බිලි
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩෙංගු රෝගය වැළඳුණු තරුණියකට බරපතල ලිංගික අපරාධයක් සිදුකළ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
අහ්මදාබාද් නුවර ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෙංගු රෝගය වැළඳුණු 21 හැවිරිදි තරුණියක් මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව තිබේ.
රෝහල් කාර්ය මණ්ඩලයේ තවත් අයෙකු වෛද්‍යවරයාට උදව් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බවද ඉන්දීය මාධ්‍ය කියයි.
රෝගී තරුණියට සිහි නැතිවීමට ඖෂධ ලබාදීමෙන් පසුව වෛද්‍යවරයා මෙම බරපතල ලිංගික අපරාධය සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙලි වී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ පොලිස් පරීක්ෂණවලට පූර්ණ සහාය දක්වන බව ඇපලෝ රෝහල පවසා ඇතැයි බී.බී.සී.ය කියයි.
මෙම වෛද්‍යවරයා පාකිස්තාන ජාතිකයෙකු බවත්, ඔහු දිර්ඝ කාලයක් පුරා ඉන්දියාවේ සේවය කරන්නෙකු බවත් දැනට හඳුනාගෙන තිබේ.
ඉන්දියාව තුළ සිදුවන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් දැඩි නීති හඳුන්වා දුන්නද එරට තුළ කාන්තාවන් හා දරුවන් කෙරෙහි සිදුවන හිංසනයන් හි අඩුවක් නොමැති බවට චෝදනා නැගෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

