ඇෆ්ගන් IS ප්‍රහාරයෙන් මියගිය පිරිස 57ක් දක්වා ඉහළ ගිහින්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක් ඉදිරිපිටදී එල්ල වූ IS මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 57 දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස අතර කාන්තාවන් 21දෙනෙකු සහ කුඩා දරුවන් පස් දෙනෙකු සිටින බව විදෙස් වාර්තා පවසයි. එමෙන්ම, තවත් 119 දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා තිබුණි.
මෙම ප්‍රහාරයෙන් පසුව එහි වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් භාරගන්නා ලදී.
ඉදිරි ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන මහ මැතිවරණය වෙනුවෙන් වූ ඡන්දදායක ලියාපදිංචි කිරීම් මේ වනවිට සිදුවන අතර, මෙම ප්‍රහාරය එවැනි ලියාපදිංචි මධ්‍යස්ථානයක් ඉදිරිපිට පෝලිමේ සිටි පිරිස් ඉලක්ක කර තිබුණි.
මරාගෙන මැරෙන බෝම්බයකින් සැරසුණු තම සාමාජිකයෙකු එම පෝලිම වෙත පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ බව IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සිය මාධ්‍ය ජාලයන් හරහා වැඩිදුරටත් පවසා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




