ඇෆ්ගන් IS ත්‍රස්ත නායක අබ්දුල් හසීබ් මරා දමයි
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ඇෆ්ගනිස්තාන IS ත්‍රස්ත නායකයා ලෙස සැලකෙන අබ්දුල් හසීබ් ඝාතනය කළ බව ඇෆ්ගනිස්තාන ජනපති කාර්යාලය තහවුරු කරයි.
ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානිගේ කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව ඇෆ්ගනිස්තාන විශේෂ බලකාය විසින් මීට දින 10කට පෙර නැගෙනහිර නන්ගර්හාර් පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර IS ත්‍රස්ත නායකයා ඝාතනය කර තිබේ.
පසුගිය මාර්තු මාසයේ කාබුල් නගරයේ හමුදා රෝහලේ ජීවිත 30ක් බිලිගනිමින් සිදුවූ ප්‍රහාරය මෙහෙයවූ තැනැත්තා ලෙසද හසීබ් නමැති මෙම ත්‍රස්තයා සැලකෙයි.
පසුගිය මාසයේදී පෙන්ටගනය පවසා සිටියේ ඇමෙරිකානු හා ඇෆ්ගනිස්තාන විශේෂ බලකා එක්ව සිදුකළ මෙහෙයුමකදී හසීබ් ජීවිතක්ෂයට පත්වන්නට හැකි බවයි.
මේ අතර, පසුගිය අප්‍රේල් මාසයේදී ඇමෙරිකාව න්‍යෂ්ටික නොවන සිය විශාලතම බෝම්බය මෙම නන්ගර්හර් ප්‍රදේශයේ ත්රස්තයන් භාවිත කරන උමං මාර්ග පද්ධතියකට හෙළීමද සිදුවිය.

.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

