ඇෆ්ගන් ජනපති අෂ්රෆ් ඝානි කාන්තාවන්ගෙන් සමාව අයැදී
ඇෆ්ගන් කාන්තාවන් පළඳින හිස්වැසුම ඈඳා ගනිමින් ප්රකාශයක් නිකුත් කළ එරට ජනපති අෂ්රෆ් ඝානි පසුව සිය කතාව සම්බන්ධයෙන් කාන්තාවන්ගෙන් සමාව ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
ඇතැම් රජයේ සේවකයන් අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයට සම්බන්ධ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවත්, එසේ නැත්නම් කාන්තා හිස් වැසුම් පැළඳීම සුදුසු බවත් ජනාධිපතිවරයා සිය කතාවක පවසා තිබුණි.
කෙසේ වෙතත්, මෙය කාන්තාවන් පහත හෙළා කතා කිරීමක් ලෙසට ජනාධිපතිවරයාට චෝදනා එල්ල විය.
පසුව සිය කතාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි ජනාධිපතිවරයා එය වරදවා තේරුම්ගෙන ඇති බව කියා තිබුණි.
විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති ඇෆ්ගන් ජනාධිපති කාර්යාලය පවසා තිබුණේ, ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමෙන් පසුව කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිවරයා ඔවුන්ගේ තත්ත්වය ශක්තිමත් කිරීමට මෙන්ම ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


