ඇෆ්ගන් ඛේදවාචකයේ මියගිය පිරිස් භූමදාන කෙරේ
ඇෆ්ගනිස්තානයේ, මසාරේ ෂරීෆ් හි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරමින් සිදුවූ තලේබාන් ම්ලේච්ඡ ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ආදාහන කටයුතු සිදුව තිබේ.
පසුගිය සිකුරාදා දිනයේදී එරට ප්රමුඛතම හමුදා මූලස්ථානයකට කඩා වැදුණු හමුදා ඇඳුමින් සැරසුණු තලේබාන් සටන්කරුවන් පිරිසක් විසින් මෙම ප්රහාරය දියත් කර තිබුණේ, මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද සමගිනි.
මෙම ප්රහාරයෙන් එහි සිටි හමුදා සෙබළු ඇතුළු 140කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එය ඇෆ්ගනිස්ථාන හමුදාව ඉලක්ක කරමින් මෑත කාලයේදී සිදුවූ අතිශය දරුණුතම ප්රහාරයක් ලෙස සැලකෙයි.
මෙය මිනිස් සංහතියේ මෙන්ම, මුස්ලිම් ඉගැන්වීම්වලටවත් ගරු නොකළ අවස්ථාවක් බව ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි පවසයි.
හමුදා කඳවුර තුළ වූ මුස්ලිම් දේවස්ථානයේ සිකුරාදා දේව මෙහෙය නිමවා පැමිණෙන පිරිස් මෙන්ම, එහි ආපනශාලාව තුළ සිටි පිරිස් මෙහි ප්රමුඛ ඉලක්කය වී තිබුණි.
ප්රහාරයෙන් දිවි බේරාගත්තවුන් පවසන්නේ, මෙම ප්රහාරය සඳහා කඳවුර තුළින්ද ආධාර ලැබුණු බවයි. එය හමුදා ඇඳුමින් සන්නද්ධව ඔවුන් මෙම දැඩි ආරක්ෂිත කලාපයට ඇතුළු වීමේ සිට ඇතුළත ප්රහාරය එල්ල කිරීම දක්වා කාලය තුළ ලැබී ඇති බවද විශ්වාස කෙරෙයි.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

