ඇමෙරිකානු පාසල් ගුරුවරුන්ට ගිනි අවි ලබාදීමට ට්‍රම්ප් සැරසේ
ඇමෙරිකානු පාසල් තුළ ගිනි අවිභාවිත කරමින් සිදුකෙරෙන වෙඩි තැබීම් වැළැක්වීමට පාසල් ගුරුවර ගුරුවරියන් ගිනි අවිවලින් සන්නද්ධ කළ යුතු බව ඇමෙරිකානු ජනපතිවරයා පවසයි.
පසුගියදා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් දරුවන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
මේ සිදුවීමත් සමග ගිනි අවි පාලනය සම්බන්ධයෙන් රට පුරා දැඩි කතාබහක් ඇති වූ අතර, සාමාන්‍ය රයිෆලයක් ස්වයංක්‍රීය ගිනි අවියක් බවට පත්කළ හැකි බම්ප් ස්ටොක්ස් නමැති උපාංග තහනම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ජනපතිවරයා විධායක නියෝගයකට අත්සන් කර තිබුණි.
ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ පාසල් කාර්ය මණ්ඩලයේ අයෙකු ගිනි අවියකින් සන්නද්ධව සිටියහොත් එවැනි ප්‍රහාරයක් වහාම මැඩපැවැත්වීමේ හැකියාවක් පවතිනු ඇති බවයි.
ෆ්ලොරිඩා සිදුවීමට මුහුණදුන් පාසල් දරු දැරියන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඇමෙරිකානු නායකයා මෙම අදහස ඉදිරිපත් කර තිබේ. මෙම අවස්ථාව වඩාත් හැඟුම්බර මොහොතක් වූ බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
මීට අමතරව, ගිනි අවි මිලදී ගන්නා පුද්ගලයන්ගේ පසුබිම පිළිබඳව මින් ඉදිරියට වඩාත් පුළුල්ව සොයා බැලීමටද ඇමෙරිකානු නායකයා තීරණය කර ඇත.
කෙසේ වෙතත්, මෙවැනි තීරණයන්ට අමතරව ගිනි අවි පාලනය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවද ඇමෙරිකානු සමාජය තුළ මේ වනවිට ඉහළ යමින් පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




