ඇමෙරිකානු පල්ලියක වෙඩි තැබීමකින් 9ක් ජීවිතක්ෂයට
- 18 06 2015
- 12:02
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ඇමෙරිකාවේ, දකුණු කැරොලීනා ප්රාන්තයේ, චාර්ල්ස්ටන් හි ඓතිහාසික අප්රිකානු-ඇමෙරිකානු දේවස්ථානයක සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නගරයේ පොලිස් ප්රධානයා පවසන පරිදි දේවස්ථානය තුළදී පුද්ගලයන් 8 දෙනෙකු මෙම ඛේදනීය ඉරණමට ලක්ව ඇති අතර, පසුව තවත් පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ යැයි සැකකෙරෙන වයස අවුරුදු 20 ගණන්වල සුදු ජාතික තරුණයෙකු සොයා පොලීසිය මේ වනවිට මෙහෙයුම් අරඹා තිබේ.
මෙම වෙඩි තැබීම පළි ගැනීමේ චේතනාවෙන් සිදුකරන ලද්දක් බව පැහැදිලි බව පොලිස් ප්රධානියා පවසයි.
මියගිය අතර දේවස්ථානයේ දේවගැතිවරයාද සිටින බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
